නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 173කට ආසන්න ප්‍රමාණයක් සහ මත්පෙති 3,482ක ප්‍රමාණයක් විනාශ කිරීමට සඳහා අද (13) උදෑසන රැගෙන ගියා.
කොළඹ අධිකරණ සංකීර්ණයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය සහ මත්පෙති තොගය වනාතවිල්ලුව, ලැට්ටෝවත්ත ප්‍රදේශයේ පිහිටි දහන උඳුන වෙත රැගෙන ගියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සඳහන් කළේ මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම මත්ද්‍රව්‍ය සහ මත්පෙති තොග විනාශ කරන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



