logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මත්තල ගුවන්තොටුපොළේ අලාභය රුපියල් කෝටි 2221ක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මෙය එහි අදායම මෙන් 26 ගුණයක් වන අතර ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදී කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් 5 ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා.

අදාළ විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය සහ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකයි. ගුවන්තොටුපොලෙන් කිසිදු ආදායමක් එහි මෙහෙයුම් ආරම්භ කළ 2018 වසරේ සිට මේ දක්වා ලබා නොමැති අතර වියදම රුපියල් කෝටි 8.7ක්.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී සංඛ්‍යාව ලක්ෂ දහයක් වුව ද පසුගිය වසරේ මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන අතර පසුගිය වසර පහටම ගමන් කර තිබෙන්නේ මගීන් 103,324ක් පමණයි.

ගුවන්තොටුපොල ඉදි කිරීම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා තිබෙනවා.

මෙම තොරතුරු අතුළත් වන්නේ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"යාළුවෝ බොමු කිව්ව ගමන් හැම ඇල්කොහොල් එකක්ම බොන්න එපා" - හදිසියේම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක්
03:37
Video thumbnail
පාරට ඇල්ලුව ගල් Missing..."අපිට පාර මඩවෙලා නිසා ඉස්කෝලේ යන්න විදියක් නෑ" #padukka
03:13
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-04
01:05:54
Video thumbnail
රේගුවේ සද්දෙට රජය බයවෙයි...#custom #ranilwickremesinghe
04:10
Video thumbnail
සජිත් විශේෂ සමුළුවක් කැඳවයි - "පළමුවත්, දෙවනුවත්, තුන්වෙනුවත් Education" #education#sajithpremadasa
01:58
Video thumbnail
රටම කතාවූ පෙත්සමේ නොදන්නා කතාව...#ranilwickremesinghe
04:35
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-04 | Dasatha News
36:30
Video thumbnail
ප්‍රසන්නගේ කටින් පැන්න පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා...#slpp #prasannaranathunga #president
01:02
Video thumbnail
පිවිතුරු හෙළ උරුමෙන් මාලිමාවේ රෙදි ගලවයි...#akd #anurakumara #npp #gammanpila
05:00
Video thumbnail
පොලීසිය ඇතුළේ සිදුකළ ඇඟ කිලිපොළායන පාපොච්චාරණය #elpitiya #police
01:55

?