මත්තල ගුවන්තොටුපොළේ අලාභය රුපියල් කෝටි 2221ක්

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

මෙය එහි අදායම මෙන් 26 ගුණයක් වන අතර ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදී කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් 5 ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වී තිබෙනවා.

අදාළ විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය සහ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකයි. ගුවන්තොටුපොලෙන් කිසිදු ආදායමක් එහි මෙහෙයුම් ආරම්භ කළ 2018 වසරේ සිට මේ දක්වා ලබා නොමැති අතර වියදම රුපියල් කෝටි 8.7ක්.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී සංඛ්‍යාව ලක්ෂ දහයක් වුව ද පසුගිය වසරේ මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන අතර පසුගිය වසර පහටම ගමන් කර තිබෙන්නේ මගීන් 103,324ක් පමණයි.

ගුවන්තොටුපොල ඉදි කිරීම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා තිබෙනවා.

මෙම තොරතුරු අතුළත් වන්නේ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52