Empty Ad
Empty Ad
AFC Banner

මටත් දේශපාලනය කරන්න ආරාධනාවක් ලැබුණා – සුරංගි කොඩිතුවක්කු

නිවේදිකාවක් ලෙස ශ‍්‍රාවක දෙසවන් සනහාලන්නට වරම් ලැබූ ඇය අද දවසේ එකී ශ‍්‍රාවකයන්ම තම රංගන හැකියාව ඔස්සේ නෙත් සිත් වසගකර ගනිමින් පේ‍්‍රක්‍ෂකයන් බවට පත්කර ගෙන හමාරය. ඉන් ඔබ්බට සමාජය වෙනුවෙන් කරන්නට යෙදෙන සත්කාර නිසාම සුරංගි කොඩිතුවක්කු නම් වූ ඇය ‘‘සොඳුරු හිතවතිය’’ ලෙස නම් ලබා ඇති මොහොතක ‘‘නවලිය’’ ට ඇගේ තතු මෙසේ පැවසුවා’’.

සුරංගි ක්‍ෂේත‍්‍රයට එන්නෙ නිවේදිකාවක් විදියට…

ඔව්’ එ්ක සිද්ධ වෙන්නෙ මෙහෙමයි.මම අධ්‍යාපනය ලබන්නෙ මහනුවර පුෂ්පදාන බාලිකාවේ.සාමාන්‍ය පෙළ පංතියේ දී තමයි නිවේදන කටයුතුවලට මුලපුරන්නෙ. එ්ත් ශිෂ්‍යාවක් විදියට මට පාසලෙන් පිටතදී නිවේදන කටයුතුවලට යොමු වෙන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.උසස් පෙළින් පස්සෙ මම යොමු කරපු අයදුම් පතකට අනුව ස්වර්ණවාහිනී නාලිකාවේ සහාය නිෂ්පාදිකාවක් විදියට මට සේවයට එකතු වෙන්න අවස්ථාව උදා වෙනවා…

එ් කියන්නේ ඔබ සම්මුඛ පරීක්‍ෂණය සමත් වෙනවා.

ඇත්තටම මට මුල්ම කැඳවීම ලැබෙන්නෙ සිරස නාලිකාවෙන්. එතනදී මම සිරස ආයතනයේ පුහුණුවක් සඳහා යොමු වුණා.එහි පුහුණුව ලබමින් සිටින අතරතුර තමයි ස්වර්ණවාහිනියෙ පත්වීම ලැබෙන්නෙ. එ් කාලෙ ටෙලිවිෂන්වලට එනව කියන එක අද තරම් ලේසි නෑ. ස්වර්ණවාහිනී ආයතනයේ ඉඳල මැජෙස්ටික් සිටි සංකීර්ණය දක්වා වූ බොහොම දිග පෝළිමක ඉඳල තමයි ස්කී‍්‍රන් ටෙස්ට් එකට ආවේ. අද සිරස නාළිකාවේ ප‍්‍රධානී සුසාර දිනාල් මහත්මයාව ඇමතිවරයෙක් ලෙස සළකලා ඔහුව ඉන්ටර්විව් කරන්න තමයි මට පැවරුණේ.

එ් සහාය නිෂ්පාදිකාව වැඩිකල් නොගොස් දක්‍ෂ නිවේදිකාවක් බවට පත්වෙනවා…

ඕනම කෙනෙක් තම තමන්ගෙ හිත්වල තියෙන ආශාවල් බලාපොරොත්තු සපුරගන්න වැඩියෙන් කැප වෙනවා. එ් අනුව නිවේදිකාවක් වීමේ සිහිනය සැබෑ කරගන්න මම කැපවුණා.මා තුළ තිබූ සහජ හැකියාව ඔප මට්ටම් කරගෙන සජීවී රූපවාහිනි තිරයේ පෙනී සිටිමින් හඬ හසුරුවන්නේ කොහොමද කියන එක මම තත්පරෙන් තත්පරය ප‍්‍රගුණ කළා.

ඉදිරිපත් කළ ප‍්‍රථම සජීවී වැඩසටහන පිළිබඳ ඔබේ මතකය…

හරිම සුන්දර අත්දැකීමක්. අද ස්වර්ණවාහිනියේ සිටින ජ්‍යෙෂ්ඨ ප‍්‍රවෘත්ති නිවේදිකාවක් වන තුෂාරි හේමමාලි අක්කගෙ මංගල උත්සවය යෙදිල තිබුණ දවස්වල ඇය සේද මාවත නමින් පැය තුනක සජීවී වැඩසටහනක් මෙහෙයවමින් සිටියා.ඇයට අවශ්‍ය නිවාඩු ලබාදීමට මාව එ් සඳහා යොදවන්න කළමනාකාරිත්වය තීරණය කළා.

ඔබ එ් අඩුව පුරවන්නට සමත් වුණා…

අනිවාර්යයෙන්ම.පැය තුනක වැඩසටහනක් කියන්නේ ලොකු අභියෝගයක්. කලින් දවසෙ ? මට නින්ද ගියෙත් නෑ.හාපුරා කියලා මම මෙහෙය වූයේ සජීවී වැඩසටහනක්.එය සාර්ථකයි කියලා හැමෝම මට ප‍්‍රශංසා කළා.

එලෙස ඇරඹූ ගමන් මග හරහා සුරංගි කොඩිතුවක්කු නාමය ප‍්‍රසංග වේදිකාවටත් ගෙන යනවා…

නිවේදන වෘත්තියයි ප‍්‍රසංග වේදිකාවේ කථනයයි කියන්නෙ හාත්පසින්ම වෙනස් කටයුතු දෙකක්.එ්ත් කාලයක් යද්දී මම ලබපු පළපුරුද්දත් එක්ක ප‍්‍රසංග වේදිකාව ජය ගත යුතුයි කියන තැනට මම එනවා. අද දවසේ මට ප‍්‍රසංග වේදිකාව තුළත් බොහෝ ආරාධනා තියෙනවා.

එතැනින් නතර නොවූ ඔබ අද දවස වනවිට ගායනයට මෙන්ම රංගනයටත් පය තබා අවසන්…

ස්වර්ණවාහිනියෙ නිවේදිකාවක් ලෙස සේවය කරපු අවු 12 ක කාලය තුළ හමුවුණ විවිධ අධ්‍යක්‍ෂකවරුන්ගෙන් රංගනයට බොහෝ ආරාධනා ලැබුණත් අපේ තියෙන ඇග‍්‍රිමන්ට්වලට අනුව අමතර දේවල්වලට සම්බන්ධ වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නෙ නෑ.එතනින් මම ජාතික නාලිකාවේ අවුරුදු 4 ක් සහ හිරු නාලිකාවේ අවුරුදු 3 ක් සේවය කරලා අද වෙනකොට සියත නාලිකාවේ නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස සේවය කරනවා.මෙන්න මේ නිදහස් මාධ්‍යවේදිනිය කියන තැනට ආවට පස්සෙ තමයි මට විවේකයක් ලැබෙන්නෙ. එ් අනුව තමයි මම රංගනයට යොමු වෙන්නෙ.

අද දවසේ පුංචිතිරයේ නිර්මාණ දෙකක් හරහා ඔබ අපේ ආලින්දයට එනවා…

මගේ පළමු වැනි නාට්‍ය බවට පත් වෙන්නෙ විමලරත්න අධිකාරි අධ්‍යක්‍ෂණය කළ සක්විත්තෝ. එතනින් පස්සේ රංගන කටයුත්ත මගෙන් ගිලිහෙනවා.ඉන් පසුව තමයි මට සුරංග සෙනවිරත්නගෙන් කකුළුවෝ සහ මකුළුවෝ කියන ටෙලිනාට්‍යයේ ටීෂාගේ චරිතයට ආරාධනා ලැබෙන්නෙ. එ් අතරෙම ජී’ නන්දසේන අධ්‍යක්‍ෂවරයා ඔහුගේ ‘රැුහේ’ ටෙලි සිත්තමේ එ්රක්කාගේ චරිතය සඳහා ආරාධනා කරනවා.

වැඩි ප‍්‍රතිචාර හිමිවන්නේ ටීෂාටද එ්රක්කාටද…

කකුළුවෝ සහ මකුළුවෝ නාට්‍යයේ ටීෂා කියන කපටි කාන්තාවගේ චරිතයට වඩා රැුහේ නාට්‍යයේ අහිකුන්ඨක තරුණියක් වූ එ්රක්කා කියන මගේ චරිතයට තමයි වැඩි ප‍්‍රතිචාර හිමිවෙන්නේ.

මේ හැමදේම අතරෙ ඔබ සමාජ සේවය වෙනුවෙන් කැප වෙනවා…

ඔව්’ ස්වර්ණවාහිනියට සම්බන්ධ වෙච්ච දවසෙ ඉඳල එ් ආයතනය මගින් ඉටු කරපු සියලූම සමාජ සේවා කටයුතුවලට නිවේදිකාවක් ලෙස සම්බන්ධ වෙමින් මම ලොකු තෘප්තියක් ලැබුවා. සුභ නත්තල් සොඳුරු සැඳෑව සත්කාර වැඩසටහන මම වසර 12 ක් අපේක්‍ෂා රෝහලේ දරුවන් වෙනුවෙන් සංවිධානය කළා.එ් හරහා මගේ හිතේ ලොකු කැමැත්තක් ඇතිවුණා සමාජ සේවයට.එ් නිසාම මම ‘හදවතේ හඬ’’ නමින් සමාජ සත්කාර පදනම සහ සුරංගි කොඩිතුවක්කු වනිතා පදනම නමින් වනිතාවන් සහ දරුවන් වෙනුවෙන් සත්කාර කරන එ්කකයක් පිහිටුවාගෙන එ් හරහා උදව් උපකාර අවශ්‍ය සැමට එ් දේවල් ලබා දෙන්න මම කැපවෙලා සිටිනවා.

ප‍්‍රගුණ කළ නිවේදන හැකියාව බොහොම නිර්ලෝභීව මතුපරපුරට දායාද කරන්නත් ඔබ වෙහෙසෙනවා…

මගේ ජීවිතේ තිබුණ සිහිනයක් තමයි එ්ක. එ් අනුව හඬ නිවේදන පුහුණු පාසල ආරම්භ කරල ලබන අගෝස්තු මාසය වනවිට වසර දෙකක් ගත වෙනවා.වයස් භේදයකින් තොරව එ් පාසලේදී හඬ පාලනය වගේම නිසි ලෙස ඉදිරිපත් කිරීම මම උගන්වන්නෙ හරිම සතුටින්.

මෙවැනි සමාජ සත්කාර හරහා ඉදිරියට එන බොහෝ දෙනා නතර වෙන්නෙ දේශපාලන පොර පිටියේ’ ඔබත් එතැන නතර වෙයිද…

සමාජයේ ක‍්‍රියාකාරී චරිත වුණහම අපිට විවිධ ආරාධනා ලැබෙන එක සාමාන්‍ය දෙයක්.පහුගිය මැතිවරණයේදී මටත් අගමැති මාධ්‍ය ප‍්‍රකාශකගේ මැතිවරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදෙන්න කියලා පක්ෂයෙන් අරාධනාවක් ලැබුණා. එතුමා අපේ ව්‍යාපෘතිවලට විශාල ලෙස සහයෝගය ලබා දෙන කෙනෙක් නිසා මමත් හිතුවා ඔහුට උදව් කරන්න.ප‍්‍රථම වතාවට පසුගිය මැතිවරණය හරහා එ් ගමනට එකතු වුණා. එ් විදියට කරන කියන හැම දේකින්ම මගේ නම් බලාපොරොත්තුව කාට හරි සෙතක් සහනයක් සැලසීමම පමණයි.

ධම්මික හේවාවසම්.
නවලිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතය වෙනස් කරන සුපිරි උපදෙසක් මෙන්න
07:05
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01

?