මගීන් 60ක් එක්ක මුහුද මැද නැවතුණු යාත්‍රාව නිරුපද්‍රිත ව බේරාගැනේ

යාපනයේ දූපතක සිට 60 දෙනෙකු රැගෙන ගිය මගී යාත්‍රාවක් අනතුරකට ලක් ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම යාත්‍රාව අද (02) දහවල් කාලයේ හදිසියේ ම මහ මුහුදෙහි නැවතී ඇති බවයි.

යාපනය – නෙඩුන්තීවු දූපතේ සිට කූරිකඩ්ඩුවාන් ජැටිය දක්වා මෙම පිරිස පැමිණ තිබෙනවා.

යාත්‍රාවේ එන්ජිමේ ඇතු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නතර වීමත් සමග මුහුදේ තිබූ රළු ස්වභාවයෙන් මගීන් පිරිස අතර දැඩි කලබලයක් ඇති ව තිබෙන බවයි පැවසෙන්නේ.

කෙසේවෙතත් අසල තිබූ ධීවර යාත්‍රාවකින් උදව් ඉල්ලා මොවුන් කෑගසා තිබෙනවා.

පසුව එම ධීවර යාත්‍රාව තම සීමාවේ සිටි සෙසු මිත්‍ර ධීවර යාත්‍රාවලින් ද උදව් ඉල්ලා ගනිමින් මෙම මගීන් පිරිස් ආරක්ෂිත ව අදාළ දෝෂයට ලක් වූ යාත්‍රාවෙන් මුදාගෙන ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10