සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් ප්‍රකාශයට පත් කළ 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස ලබාදීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්‍රමාණය ලබාදෙන බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.
මෙම උද්ඝෝෂණයට ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, පොදු ජන සේවක සංගමය, ප්‍රගතිශීලි සේවක සංගමය, ජාතික සේවක සංගමය සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය නියෝජනය කරමින් සේවක සේවිකාවත් 500ක් පමණ එක්ව සිටියා.
එහිදී විරෝධතාකරුවන් ඇමතූ ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති මුහන්දිරම් සඳහන් කළේ, 2025 වසරේ ප්‍රසාද දීමනා ලෙස මූලික වැටුප මෙන් දෙගුණයක මුදලක් ලබා දී ඇතත් ගුවන් තොටුපොළ සමාගමේ වාර්ෂික ශුද්ධ ලාභය රුපියල් බිලියන 21 ක් බව ද අනාවරණය කළා.
ඒ අනුව තම ඉල්ලීමට රජය අවධානය යොමුකර අවම වශයෙන් තවත් මූලික වැටුප් දෙකක මුදලක් සදහා කැබිනට් අනුමැතිය ලබාදීමට පියවර ගන්නා ලෙසයි උද්ඝෝෂණයේ නිරතවූ උද්ඝෝෂකයින් පැවසුවේ.
එසේ නොවුන්හොත් ඉදිරියේ දී තම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ගුවන් තොටුපොළ අකර්මණ්‍ය කරන ක්‍රම 16ක් ඇති බවත්, ඒ සඳහා යොමුවීමට ගුවන් තොටුපොළ සේවකයින්ට ඉඩ ප්‍රස්තාව ඇති බවයි උද්ඝෝෂකයින් වැඩිදුරටත් සඳහන් කළේ.














