බෝට්ටුවක් පෙරළීමෙන් 22 හැවිරිදි තරුණයෙක් අවසන් ගමන් යයි

පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවී ඇති අනතුරකින් තරුණයෙක් මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

ඊයේ (25) සවස 06.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ පාලකුඩාව – සෝත්තුපිටිය වාඩිය පදිංචිකරුවෙක් වන වයස අවුරුදු 22ක් වූ ජුඩ් ක්‍රිශාන්ත සාවින්ද නම් තරුණයෙක්.

බෝට්ටු ඇන්ජිමක් කාර්මික දෝෂයකට ලක්ව තිබී ඇති අතර එය අළුත්වැඩියා කර ඇති එම ඇන්ජිම බෝට්ටුකට සවි කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම නතුර සිදුව ඈති බවට පොලිසිය සඳහන් කළා.

අනතුරින් කලපුවේ ගිලී ගිය තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු රෝහලේ දී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ස්සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?