බෝට්ටුවක් පෙරළීමෙන් 22 හැවිරිදි තරුණයෙක් අවසන් ගමන් යයි

පාලකුඩාව කලපුවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදුවී ඇති අනතුරකින් තරුණයෙක් මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය පවසනවා.

ඊයේ (25) සවස 06.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ පාලකුඩාව – සෝත්තුපිටිය වාඩිය පදිංචිකරුවෙක් වන වයස අවුරුදු 22ක් වූ ජුඩ් ක්‍රිශාන්ත සාවින්ද නම් තරුණයෙක්.

බෝට්ටු ඇන්ජිමක් කාර්මික දෝෂයකට ලක්ව තිබී ඇති අතර එය අළුත්වැඩියා කර ඇති එම ඇන්ජිම බෝට්ටුකට සවි කර පරීක්ෂා කිරීමට යාමේදී මෙම නතුර සිදුව ඈති බවට පොලිසිය සඳහන් කළා.

අනතුරින් කලපුවේ ගිලී ගිය තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු රෝහලේ දී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කල්පිටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ස්සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29