කළුතර බන්ධනාගාරයේ බෝගසට නැඟ ඉන් බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.
මෙම රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගතව සිට ඇති අතර, ඔහු පසුගිය ජුලි 21 දින දින බන්ධනාගාර පරිශ්‍රයේ ඇති බෝගසට නැඟ ඉන් බිමට පැන තුවාල ලබා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.
රෝහලේ ප්‍රතිකාර ලබානැවත බන්ධනාගාරටයට රැගෙන විත් ඇති එම රැඳවියායේ රෝගී තත්ත්වය උත්සන්න වී යළිත් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස රෝහල් ගතකර අදාළ රැඳවියා ඊයේ (15) රාත්‍රියේ මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.




