බෝගසෙන් පැන දෙවරක් රෝහල් ගතකළ රැඳවියා රෝහලේ දී මිය ගිහින්

කළුතර බන්ධනාගාරයේ බෝගසට නැඟ ඉන් බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි රැඳවියෙක් බවයි වාර්තා වන්නේ.

මෙම රැඳවියා මත්ද්‍රව්‍ය චෝදනාවකට බන්ධනාගාර ගතව සිට ඇති අතර, ඔහු පසුගිය ජුලි 21 දින දින බන්ධනාගාර පරිශ්‍රයේ ඇති බෝගසට නැඟ ඉන් බිමට පැන තුවාල ලබා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

රෝහලේ ප්‍රතිකාර ලබානැවත බන්ධනාගාරටයට රැගෙන විත් ඇති එම රැඳවියායේ රෝගී තත්ත්වය උත්සන්න වී යළිත් රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස රෝහල් ගතකර අදාළ රැඳවියා ඊයේ (15) රාත්‍රියේ මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩ ඉවත් කරන්න කියලා දැන් ලියුම් ග#ලා..කඩ හැදුවොත් දඩ ගහලා කූඩුවේ දානවා
04:09
Video thumbnail
රටම බලා සිටි ජනාධිපති එක්ක නීතිඥවරුන්ගේ සාකච්ඡාව අවසන්
03:46
Video thumbnail
කෘෂිකර්ම ඇමති ඔයා ඉල්ලා අස් වෙන්න - කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:39
Video thumbnail
සුගීශ්වරගේ රෝගී තත්ත්වය ගැන කිව්වා - ඒත් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළා
01:28
Video thumbnail
ජනාධිපතිතුමා මැදිහත් වෙලා ගොවියන්ට සාධාරණයක් කරන්න
03:48
Video thumbnail
බුදු සරණයි සර්, පරිස්සමෙන් ඉන්න - ඔයාව වට්ටන්න බෑ
01:23
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09