බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක් තුළ සැමියා බිරිඳව ඝාතනය කරලා (විඩියෝ)

බොරැල්ල – සර්පන්ටයින් පාර මහල් නිවාස සංකීර්ණයේ දී අද (14) අලුයම කාන්තාවක් ඝාතනයට ලක්ව තිබෙනවා.

සැමියෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ සිය බිරිඳ බවයි තොරතුරු වාර්තා වන්නේ.

අද අලුයම 1.00ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති අතර, අදාළ කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මහල් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය සිදුකළ සැමියා මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලට පැමිණ ඉන් බිමට පැන ඇති බවයි සඳහන්.

එහිදී ඔහු තුවාල ලබා ඇති අතර, පළමු මහලෙන් බිමට පැනීමට පෙර ඔහු අතක් ද කපාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර සැමියා මේ වනවිට රෝහල් ගතකර ඇති බව සඳහන්.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරික්ෂණය අද (14) සිදුකිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

https://youtu.be/w2jBwQli7SA
1 3
2 4
3 2
4 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?