බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක් තුළ සැමියා බිරිඳව ඝාතනය කරලා (විඩියෝ)

බොරැල්ල – සර්පන්ටයින් පාර මහල් නිවාස සංකීර්ණයේ දී අද (14) අලුයම කාන්තාවක් ඝාතනයට ලක්ව තිබෙනවා.

සැමියෙකු විසින් තියුණු ආයුධයකින් පහර දී මෙලෙස ඝාතනය කර ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවූ සිය බිරිඳ බවයි තොරතුරු වාර්තා වන්නේ.

අද අලුයම 1.00ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති අතර, අදාළ කාන්තාව දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මහල් නිවාස සංකීර්ණයේ තෙවැනි මහලේ දී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඝාතනය සිදුකළ සැමියා මහල් නිවාස සංකීර්ණයේ පළමු මහලට පැමිණ ඉන් බිමට පැන ඇති බවයි සඳහන්.

එහිදී ඔහු තුවාල ලබා ඇති අතර, පළමු මහලෙන් බිමට පැනීමට පෙර ඔහු අතක් ද කපාගෙන ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර සැමියා මේ වනවිට රෝහල් ගතකර ඇති බව සඳහන්.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරික්ෂණය අද (14) සිදුකිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

https://youtu.be/w2jBwQli7SA
1 3
2 4
3 2
4 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40