බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ශාරුක්ගේ ‘ජාවාන්’ සුපිරි ගමනක් අරඹයි

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන ‘ජාවාන්’ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය ඊයේ (07) ආරම්භ කළා.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ පළමු දිනයේ දීම බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමට හැකිව ඇති බවයි විචාරකයින් පවන්නේ.

ඒ, තිරගතවීම ආරම්භ කළ පළමු දිනයේ දීම ඉන්දියාව තුළ, ඉන්දීය රුපියල් කෝටි 75ක වාර්තා ගත අදායමක් උපයමින්.

ඒ, අනුව මෙම වසර මුල දී තිරගත කළ ශාරුක් ඛාන්ගේම ‘පතාන්’ චිත්‍රපටය තබා තිබූ පළමු දිනයේ ආදායම් වාර්තාව ‘ජාවාන්’ චිත්‍රපටය විසින් බිඳ දමනු ලැබුවා.

‘ජාවාන්’ චිත්‍රපටයේ පළමු දිනයේ ප්‍රවේශපත්‍ර ලක්ෂ 14ක් අලෙවි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හින්දි, දෙමළ සහ තෙළිඟු යන භාෂා තුන ඔස්සේ ඉන්දියාව තුළ ‘ජාවාන්’ චිත්‍රපටය තිරගත වන අතර, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන තුළ දී ඇදහිය නොහැකි ලෙස ධාවනය වීමට ඉඩ ඇති බවයි විචාරකයින් මතපළ කරන්නේ.

මේ අතර නයනතාරා, විජේ සේදුපති වැනි දමිළ සිනමාවේ ප්‍රබලයින් කිහිපදෙනෙක්ම ‘ජාවාන්’ චිත්‍රපටය සඳහා එක්කර ගෙන තිබීම හේතුවෙන් දකුණු ඉන්දීය වෙළඳපොලේ වැඩි අවදානයක් මෙම චිත්‍රපටය කෙරෙහි යොමුවිය හැකි බවට ද තොරතරු වාර්තා වනවා.

සංජේ දත්, දීපිකා පදුකෝන්, සන්යා මල්හෝත්‍රා, ප්‍රියමනී, සුනිල් ග්‍රෝවර් සහ රිදී ඩෝග්‍රා ඇතුළු තවත් පිරිසක් මෙහි රංගනයෙන් දායක වන අතර, ෂාරුක් සහ ගෞරි ඛාන්ගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් විසින් එය නිෂ්පාදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?