බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් ශාරුක්ගේ ‘ජාවාන්’ සුපිරි ගමනක් අරඹයි

බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන ‘ජාවාන්’ චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය ඊයේ (07) ආරම්භ කළා.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ පළමු දිනයේ දීම බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමීමට හැකිව ඇති බවයි විචාරකයින් පවන්නේ.

ඒ, තිරගතවීම ආරම්භ කළ පළමු දිනයේ දීම ඉන්දියාව තුළ, ඉන්දීය රුපියල් කෝටි 75ක වාර්තා ගත අදායමක් උපයමින්.

ඒ, අනුව මෙම වසර මුල දී තිරගත කළ ශාරුක් ඛාන්ගේම ‘පතාන්’ චිත්‍රපටය තබා තිබූ පළමු දිනයේ ආදායම් වාර්තාව ‘ජාවාන්’ චිත්‍රපටය විසින් බිඳ දමනු ලැබුවා.

‘ජාවාන්’ චිත්‍රපටයේ පළමු දිනයේ ප්‍රවේශපත්‍ර ලක්ෂ 14ක් අලෙවි වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

හින්දි, දෙමළ සහ තෙළිඟු යන භාෂා තුන ඔස්සේ ඉන්දියාව තුළ ‘ජාවාන්’ චිත්‍රපටය තිරගත වන අතර, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දින තුන තුළ දී ඇදහිය නොහැකි ලෙස ධාවනය වීමට ඉඩ ඇති බවයි විචාරකයින් මතපළ කරන්නේ.

මේ අතර නයනතාරා, විජේ සේදුපති වැනි දමිළ සිනමාවේ ප්‍රබලයින් කිහිපදෙනෙක්ම ‘ජාවාන්’ චිත්‍රපටය සඳහා එක්කර ගෙන තිබීම හේතුවෙන් දකුණු ඉන්දීය වෙළඳපොලේ වැඩි අවදානයක් මෙම චිත්‍රපටය කෙරෙහි යොමුවිය හැකි බවට ද තොරතරු වාර්තා වනවා.

සංජේ දත්, දීපිකා පදුකෝන්, සන්යා මල්හෝත්‍රා, ප්‍රියමනී, සුනිල් ග්‍රෝවර් සහ රිදී ඩෝග්‍රා ඇතුළු තවත් පිරිසක් මෙහි රංගනයෙන් දායක වන අතර, ෂාරුක් සහ ගෞරි ඛාන්ගේ රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් විසින් එය නිෂ්පාදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09