අන්දමන් සහ නිකොබාර් දූපත් ආසන්නයේ බෙංගාල බොක්කේ අද (29) උදෑසන සිදු වූ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් පවසනවා.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 260 කට ආසන්නයේ මෙම භූකම්පනය හට ගෙන තිබූ අතර, එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ 6.6 ලෙස සටහන්ව තිබූ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙරට වේලාවෙන් අද (29) උදෑසන 5.18ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි.
ශ්‍රී ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝමීටර් 260කට ආසන්නයේ සිදු වූ මෙම භූකම්පනයෙන් අනතුරුව පසුකම්පන කිහිපයක් ද සිදුව ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර සිටියා.
ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව මෙම භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් ලෙස සටහන් වී තිබුණා.





