බෙංගාල බොක්කේ සිදු වූ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ

අන්දමන් සහ නිකොබාර් දූපත් ආසන්නයේ බෙංගාල බොක්කේ අද (29) උදෑසන සිදු වූ භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට ඉන් බලපෑමක් නොමැති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් දීපානි වීරකෝන් පවසනවා.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් කිලෝමීටර් 260 කට ආසන්නයේ මෙම භූකම්පනය හට ගෙන තිබූ අතර, එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණ 6.6 ලෙස සටහන්ව තිබූ බවයි අධ්‍යක්ෂ ජනරාල්වරිය පැවසුවේ.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කළේ මෙරට වේලාවෙන් අද (29) උදෑසන 5.18ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දිසාවෙන් කිලෝමීටර් 260කට ආසන්නයේ සිදු වූ මෙම භූකම්පනයෙන් අනතුරුව පසුකම්පන කිහිපයක් ද සිදුව ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කර සිටියා.

ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව මෙම භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් ලෙස සටහන් වී තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13
Video thumbnail
සංවර්ධන නිලධාරින්ගෙන් ආණ්ඩුවට රතු එළි - රටපුරා විරෝධතාවේ යනවා..දැවැන්ත සටනකට මුහුණ දෙන්න වෙනවා
02:23
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති රනිල්ව බේරාගන්න හදන්නේ
10:17
Video thumbnail
විදුලිසැර වැ#දී සුනඛයින් සිව් දෙනෙක් එළොව යයි - "5 Star කියලා සතෙක්ට පාරේ ඉන්න බෑ"
02:58
Video thumbnail
හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි
01:47
Video thumbnail
අධිකරණයේ ස්වාධීනත්වය කුඩුපට්ටම් කරලා රට ඒකාධිපති තැනකට තල්ලු කරනවා
19:26
Video thumbnail
අර්චුනා හදිසියේම නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම
00:24
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52