බුත්තල – කතරගම මාර්ගයේ සැරිසරන වන අලින්ට කෑම දුන්නොත් නඩු

බුත්තල – කතරගම මාර්ගයේ වන අලින්ගෙන් වාහන වලට සිදුවන පහරදීම් වැලැක්වීමට සහ වන අලි පලවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව ජංගම රථ යොදවා ඇති බව වාර්තා වනවා.

ඒ, අනුව යාල ගල්ගේ අඩවි වන කාර්යාලයේ නිලධාරීන් සහ වාහන මෙම රාජකාරියට යොදවා ඇති අතර, ඔවුන් පසුගිය දින හතර පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා එම මාර්ගයේ රැඳී සිටින බව සඳහන්.

මෙම නව වැඩපිළිවෙල අවශ්‍යතාවය මත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවල පිරිස් වන අලින්ට ආහාර ලබාදීම හේතුවෙන් එම සතුන් මඟ රැක සිට වාහන වලින් ආහාර ලබාගැනීමට හුරු වී සිටින බවයි.

එහිදී ඇතැම් පුද්ගලයින් වන අලි කුලප්පු කිරීම හේතුවෙන් වන අලින්ගෙන් සිදුවන හානිය ඉහළ ගොස් ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

මේ හේතුවෙන් බුත්තල – කතරගම මාර්ගයේ සහ උඩවලව, හබරණ ආදී ප්‍රදේශවල වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින් සහ වන අලින්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි වනජීවී දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?