AFC Banner
Empty Ad
Empty Ad

බීමත් කොස්තාපල් සැරයන්ට පහරදෙයි…

පොලීසිය තුළට බීමතින් පැමිණි ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් රාජකාරියේ නිරතව සිටි නිලධාරීයෙක්ට පහරදී කලහකාරී ලෙස හැසිරී තිබේ.

මෙම සිදුවීම ඊයේ (15) රාත්‍රියේ සිදුව තිබුණේ මොරටුව පොලීසිය තුළය.

බීමතින් පැමිණ ඇති මොරටුව පොලීසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයා සැරයන්වරයෙකු සමග ආරවුලක් ඇති කරගෙන එම නිලධාරියාට පහරදීමක් සිදුකර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙන අතර අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?