බිරියානි ආහාරයට ගෙන මිය ගිය තරුණියගේ මරණය සියදිවි නසා ගැනීමක් බව හෙළිවෙයි

බිරියානි කෑමක් වූ ‘කුෂිමන්ති’ ආහාරයට ගැනීමෙන් ඉන්දියාවේ 19 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්වූ බව කියන පුවතක් එරට මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කළා.

අදාළ තරුණිය ඔන්ලයින් ඇනවුමක් මඟින් නිවසට ගෙන්වා ගත් කුෂිමන්ති ආහාරයට ගැනීමෙන් අසනීපව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කිරීමෙන් පසු පසුගිය සෙනසුරාදා අලුයම මිය ගිය බවයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වුණේ.

කෙසේ වෙතත් මෙම තරුණියගේ මරණය ආහාර විෂවීමකින් සිදු වූ මරණයක් නොව සියදිවි නසාගැනීමක් බවට සැකයක් පවතින බවයි මේ වනවිට විමර්ශන සිදුකරන නිලධාරීන් සඳහන් කළේ.

තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් හෙළි වී ඇත්තේ රසායනික විෂ වීම ඇයගේ මරණයට හේතු වී ඇති බවයි.

මේ අතර පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මී විෂ අංශු ඇයගේ ශරීරයේ තිබී හමු වූ බව මරණ පරීක්ෂණය සිදුකළ නිලධාරීන් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් අභ්‍යන්තර අවයවවල රසායනික පරීක්‍ෂණයෙන් පසු මෙම මරණය සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් මතුවනු ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් පැවසුවේ.

තරුණියගේ ඥාතීන් පැවසුවේ ඇය පසුගිය දෙසැම්බර් 31 වන දින බිරියානි කෑමක් වූ ‘කුෂිමන්ති’ ආහාරය අන්තර්ජාලය හරහා ඇණවුම් කළ බවත්, ඒවා අනුභව කිරීමෙන් පසු අසනීප තත්තත්වයෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඇය පසුගියදා පෞද්ගලික රෝහලකදී මිය ගිය බවයි.

මේ අතර ඇයගේ මරණය ආහාර විෂවීමක් නිසා සිදු වූවක් නොවන බව අනාවරණය වීමෙන් පසු තරුණිය ආහාර ඇණවුම් කළ හෝටලයේ හිමිකරු ඇතුළු තිදෙනෙකු පොලිසිය විසින් මුදාහැර තිබෙනවා.

අංජුශ්‍රී පාර්වතී නමැති මෙම තරුණියගේ මරණයට නිශ්චිත හේතුව තහවුරු කර ගැනීම සඳහා ඇයගේ අභ්‍යන්තර අවයවවලින් ලබාගත් සාම්පලවල රසායනික පරීක්‍ෂණ ප්‍රතිඵල ලැබෙන තුරු එරට පොලිසිය බලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49