AFC Banner
AFC Banner
Empty Ad

බිරිඳ නසා සැමියා ගමෙන් ගිහින්

ඌරගස්මංහන්දිය පොලිස් වසමේ මහ ඌරගහ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් සිය බිරිඳගේ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (05) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි කාන්තාවක්.

තම බිරිඳ සමඟ ඇති වූ බහින් බස්වීමක් දුරදිගයාමෙන් සිදුවූ ආරවුලක දී සැමියා විසින් මෙලෙස තියුණු ආයුධයකින් පහර දී ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනය සිදුකළ 50 හැවිරිදි සැකකාර සැමියා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට ඌරගස්මංහන්දිය පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?