බෑණා සහ දියණිය සිදුකළ දිවිත්ව ඝාතන

රත්නපුර පොලිස් වසමේ ඩිපෝ හන්දිය ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

ඊයේ (03) අලුයම් කාලයේ මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත විමර්ශන අරඹා ඇති පොලිසියට අනාවරණය කර ගැනීමට හැකිව ඇත්තේ වයස අවුරුදු 74ක කාන්තාවක් මෙලෙස ඝාතනය කර ඇති බවයි.

මෙම කාන්තාවගේ බෑණා විසින් ඇයගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

අපරාධය සම්බන්ධයෙන් වරස අවුරුදු 29ක සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර දියණිය විසින් සිය මවගේ ගෙළ සිරකර ඝාතනය කළ පුවතක් වාරියපොළ පොලිස් වසමේ රන්දෙනිය ප්‍රදේශයෙන් ඊයේ (03) වාර්තා වුණා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 74ක රන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක්.

ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 32ක මන්ද මානසික තත්ත්වයෙන් පෙළෙනා දියණිය සැකපිට අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
9
+1
0
+1
1
+1
34
+1
8
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10