බැරලයකින් දිය නෑමට ගිය අඹු සැමි යුවළට අකුණු සැර වැදෙයි – සැමියා මරුට

නිවස අසල ජලය පුරවා තිබූ යකඩ බැරලයකින් දිය නාමින් සිටි අඹුසැමි යුවළකට අකුණු සැර වැදීමෙන් සැමියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ මෙය සිදුවී ඇත්තේ දෙල්වල පෑබොටුව ප්‍රදේශයේදීයි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඔවුන්ට අකුණු සැර වැදී ඇති අතර එහිදී තුවාල ලැබූ මෙම යුවළ කලවාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සැමියා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ උඩපෑබොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.

කාන්තාව 36 හැවිරිදි අයෙක්. අයහපත් කාලගුණික තත්ත්වය පැවති අවස්ථාවේ එළිමහනේ තිබූ යකඩ බැරලයකින් දිය නාමින් සිටියදී ඔවුන් දෙදෙනාට අකුණු සැර වැදී ඇති බවට මූලික විමර්ශණයේදී අනාවරණ වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර කලවාන රෝහලේ තැන්පත් කර ඇති අතර අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. දෙල්වල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10