spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැරලයකින් දිය නෑමට ගිය අඹු සැමි යුවළට අකුණු සැර වැදෙයි – සැමියා මරුට

නිවස අසල ජලය පුරවා තිබූ යකඩ බැරලයකින් දිය නාමින් සිටි අඹුසැමි යුවළකට අකුණු සැර වැදීමෙන් සැමියා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ මෙය සිදුවී ඇත්තේ දෙල්වල පෑබොටුව ප්‍රදේශයේදීයි.

පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමග ඔවුන්ට අකුණු සැර වැදී ඇති අතර එහිදී තුවාල ලැබූ මෙම යුවළ කලවාන රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සැමියා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ උඩපෑබොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙක්.

කාන්තාව 36 හැවිරිදි අයෙක්. අයහපත් කාලගුණික තත්ත්වය පැවති අවස්ථාවේ එළිමහනේ තිබූ යකඩ බැරලයකින් දිය නාමින් සිටියදී ඔවුන් දෙදෙනාට අකුණු සැර වැදී ඇති බවට මූලික විමර්ශණයේදී අනාවරණ වී තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ සිරුර කලවාන රෝහලේ තැන්පත් කර ඇති අතර අද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. දෙල්වල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?