බස් ටිකට් නොගත් මඟීන් පස්දෙනෙකුට දඩ නියම වෙයි

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඊයේ (15 ) දිනයේ බස්නාහර පළාතේ ධාවනය වන බස් රථවල ටිකට් පත් පරීක්ෂා කිරීමේදී ටිකට් පත් ලබා නොදුන් කොන්දොස්තරවරුන් 88 දෙනෙක් සහ ටිකට් පත් ලබා නොගන්නා මගීන් 5 ක් සදහා දඩ ගැසීම සිදුකළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ ප්‍රකාශ කළා.

ප්‍රවේශපත්‍ර ලබා නොගන්නා මගීන්ට රුපියල් 100යක ගාස්තුවක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කිරීම මෙහිදී සිදු කරන බව ඔහු සඳහන් කර තිබෙනවා.

ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් යනුවෙන් අදහස් වනුයේ මගියා බසයට නගින ස්ථානයේ සිට දෙගුණයක් නොවන බවත් බස් රථය ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා වූ ගාස්තුව මෙන් දෙගුණයක් බවත් ගාමිණී ජාසිංහ වැඩිදුරටත් පවසා සිටියා.

මෙය දීර්ඝකාලීනව සිදුකරන බවත් ඉදිරියේදී අතුරු මාර්ගවලද මෙම පරික්ෂා කිරීම් අඛණ්ඩව සිදුකරන බවට කියාසිටි ඔහු ටිකට් පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් පවතී නම් 070 28 60 860 යන දුරකථන අංකයට තොරතුරු ලබා දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැද පෙරදිග යුද්දය අස්සේ සංජීව මහින්ද ගැන කළ ප්‍රබල හෙළිදරව්ව..මේක පුදුම විකාර ලෝකයක්නේ
05:40
Video thumbnail
දැන් කිසිම පෝලිමක් නෑ - කවුරුත් කලබල වෙන්න එපා
05:06
Video thumbnail
තෙල් නැවක් ගෙනාවත් මදිනේ..මිනිස්සු දවසට දෙපාර තුන්පාර එනවා..ඉන්ධන පොම්පකරුවන් මැසිවිලි නගයි
01:40
Video thumbnail
හයිවේ එකේ යන වාහනවලට ගල්වලින් ගහනවා - මානසික ලෙඩක් ද
00:46
Video thumbnail
මුජිබුර් ආණ්ඩුව කටඋත්තර නැතිවෙන්නම අමතයි
11:46
Video thumbnail
"අභියෝග කරනවා ගබඩාවල තෙල් නෑ" ඉන්ධන ගැන ආනන්ද පාලිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:11
Video thumbnail
සජිත් විපක්ෂයේ ප්‍රබලයෝ එක්ක හදිසි සාකච්ඡාවක
02:37
Video thumbnail
යතුරුපැදියක් තෙල් ෆුල් ටෑන්ක් කරගෙන එද්දි මහ පාරෙම ගිනිබත් වෙයි
01:08
Video thumbnail
අපිට ළිං වලින් තෙල් ගන්න බෑනේ - මේකට මුහුණදෙන්න වෙනවා
16:47
Video thumbnail
ශ්‍රී පාද රක්ෂිතයේ හදිසියේම ඇතිවූ ලැව් ගින්න..දෙවියනේ..විශාල ප්‍රදේශයක් ගිනිබත්වෙලා
01:26