AFC Banner
AFC Banner
Empty Ad

බසයක ගිය කතකට මරු කැඳවූ දංඕවිට වෙඩිල්ලේ තොරතුරු රැසක් එළියට

දංඕවිට ප්‍රදේශයේ අද (02) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

එම ප්‍රදේශයේ තැබෑරුමක් කොල්ලකෑමට කොල්ලකරුවන් පිරිසක් පැමිණ ඇති අතර එහිදී පොලීසිය ඔවුන්ට වෙඩිතබා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී කොල්ලකරුවන් ද පොලිසිය වෙඩි තබා ඇති අතර ඒ අසළින් ධාවනය වූ බස් රථයකට ද වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව සඳහන්.

එහිදී බස් රථයේ ගමන් ගත් කාන්තාවක් ද වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩිවැදීමෙන් 29 හැවිරිදි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇයගේ මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මේ අතර වෙඩි වැදුණු කොල්ලකරුවන් දෙදෙනෙකු ද රාගම රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?