ගොවි බිම් ඇතුළු ඉන්ධන අවශ්‍ය වෙනත් ක්ෂේත්‍රයන්ටත් QR කේත

ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බැලීමට සහ අවශ්‍ය මැදිහත්වීම් සිදු කිරීමට සියලු අමාත්‍යාංශ ආවරණය වන පරිදි ඛනිජ තෙල් නිතීගත සංස්ථාවෙන් නිලධාරීන් පස් දෙනෙක් පත් කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුවේදි තීරණය වී තිබෙනවා.

සෑම අමාත්‍යාංශයක්ම යටතේ පවතින ආයතනවල මතුවන ඉන්ධන ගැටලු පිළිබඳව සොයා බලා සංස්ථාව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් විසඳුම් ලබා දීමට මැදිහත් වීම මෙම නිලධාරීන්ගේ වගකීම බවද එහිදී සාකච්ඡා කෙරුණා.

ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම් අධීක්ෂණය සඳහා පත් කළ කමිටුව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ කරුණු සාකච්ඡා වී තිබෙනවා.

කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන රට පුරා බෙදාහැරීම සඳහා වාහනවලට දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවද, ඒ ඉල්ලීම් නොසලකා හැරියහොත් භාණ්ඩ මිල ඉහළ දැමීමේ ඉඩකඩක් පවතින බවද, එසේ වුවහොත් උත්සව සමයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්විය හැකි බවටද මෙහිදි වැඩි අවධානයකින් සාකච්ඡාවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ..

කර්මාන්ත, සතොස ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හරින රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, තොග ආනයනකරුවන්, සංචාරක ක්ෂේත්‍රයේ සේවා ආයතන හෝ හෝටල් සඳහාත් වෙනත් සේවා සැපයුම් ආයතන සඳහාත් ඉන්ධන නිකුත් කිරීම පිළිබඳවද මෙම කමිටුවේදි සාකච්ඡා වී අතර ඒ අනුව, එම ආයතනවලින් ඉදිරිපත් වන ඉන්ධන කෝටාවන් පිළිබඳ ඉල්ලීම් සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමටත්, එම ඉල්ලීම් අදාල අමාත්‍යාංශ මගින් බලශක්ති අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවටත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

කෘෂිකර්මය, ධීවර කර්මාන්තය ඇතුළු වෙනත් ක්ෂේත්‍ර සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඇතුළු ඒ ඒ ක්ෂේත්‍රවලට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ නිර්දේශ මත නිකුත් කළ ලිපියකට ඉන්ධන ලබා දීම වෙනුවට QR කේත ක්‍රමයක් භාවිතා කිරීමේ වැඩපිළිවෙළ කඩිනම්ව ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවධානය යොමු වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීම මෙන්ම භාණ්ඩ මිල අධික ලෙස ඉහළ යාම වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් ඉන්ධන සැපයුම අඛණ්ඩව හා නිසි කළමණාකරණයකින් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද බිමල් රත්නායක අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23