ඉදිරියේ දී බස් ගමන් වාර සංඛ්‍යාවේ අඩුවක් – බස් නොමැතිව මගීන් දැඩි අපහසුතාවයක

ඉදිරියේ දී බස් රථවල ගමන් වාර සංඛ්‍යාව අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවනවා.

එමෙන්ම අද (23) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සහාපතිවරයා සඳහන් කළේ, නිවාඩු දිනයන්වල දී බස් ධාවනය 50%කට සීමා කරන බවයි.

මේ අතර අද (23) දිනයේ දී හයිලෙවල් මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග කිහිපයක අද බස් ධාවනයෙන් ඉවත්වීමට සිදුවූ බව ඔහු සඳහන් කළා.

මෙලෙස බස් ධාවනයෙන් ඉවත් වීමට ගත් තීරණය වර්ජනයක් නොවන බවයි සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් පැවසුවේ.

ඉහළ ගිය ඉන්ධන මිල හමුවේ පවතින ගාස්තු යටතේ බස් ධාවනය කිරීමට නොහැකි බැවින් මෙම තරඟයට එළඹි බව ඔහු සඳහන් කළා.

එමෙන්ම හයිලෙවල් මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග රැසක බස් ධාවනය අඩු මට්ටමක පැවතීම හේතුවෙන් මගී ජනතාව අද (23) පෙරවරුවේ දැඩි අපහසුතාවයකට පත් වුණා.

මේ අතර 10%ක බස් ගාස්තු වැඩිවීමකට එකඟ නොවන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර සඳහන් කළේ 15%ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බවයි.

එසේ නොවුන හොත් දිගටම බස් ධාවනයෙන් වැළකී සිටින බවයි එම සංගමය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35