ලවර්ස් ලීප් දිය ඇල්ලේ සෙල්ෆි ගන්න ගිය සංචාරකයා ගලකින් පහළට ඇද වැටී අනතුරක

නුවරඑළිය ලවර්ස් ලීප් දිය ඇල්ල නැරඹීමට ගොස් අවදානම් සහිත ගලක් මත සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය විදෙස් ජාතික සංචාරකයෙක් අනතුරට පත්ව තුවාල ලබා තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවන විදෙස් ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

මෙම විදෙස් ජාතික සංචාරකයා ඊයේ (27) පෙරවරුවේ සිය බිරිඳ ද සමඟ ලවර්ස් ලීප් දිය ඇල්ල නැරඹීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී ඔහු දිය ඇල්ලේ කඳු මුදුනේ පිහිටි අවදානම් සහිත ගලක් මත සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනිමට උත්සාහ කිරීමේ දී එම විදේශිකයා ගලෙන් පහළට ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් වීමෙන් පසු නුවරඑළිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් ද සමඟ එහි ගොස් එම නිලධාරින්ගේ සහාය ඇතිව අනතුරට ලක්ව සිටි විදේශ ජාතික සංචාරකයා බේරාගෙන නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් විදේශිකයාගේ පාදයකට දැඩි ලෙස තුවාල සිදු වී ඇති බවයි නුවරඑළිය රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23