ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ඉරාන හමුදාව දැඩි තීරණයක

හෝමුස් සමුද්‍ර සන්ධිය දැනට වසා දමා නොමැති නමුත් එය තම පූර්ණ පාලනය යටතේ පවතින බව ඉරාන හමුදා ප්‍රකාශක ඊබ්‍රාහිම් සොල්ෆගාරි පවසනවා.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් හමුදා ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන්නේ නම් ඉරානයේ බලාගාර පද්ධතිවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපතිවරයා සිදුකළ තර්ජනයට ඉරාන හමුදාව මෙහිදී දැඩි ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී ඉරාන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ, අමෙරිකාව සිය තර්ජනය ක්‍රියාත්මක කළහොත් හානියට පත් ඉරාන බලාගාර නැවත ගොඩනගන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය කිසිසේත්ම විවෘත නොකරන බවයි.

එමෙන්ම ඊශ්‍රායලයේ සියලුම විදුලි බලාගාර, බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් ඉලක්ක කර මහා පරිමාණ ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළා.

අමෙරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන කලාපීය රටවල බලශක්ති මධ්‍යස්ථාන ද නීත්‍යානුකූල ඉලක්ක ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බවත් ඔහු මෙහිදී අනතුරු අඟවා සිටියා.

එමෙන්ම කලාපය තුළ පවතින අමෙරිකානු කොටස් හිමිකාරිත්වය සහිත සියලුම සමාගම් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ද කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35