බදු අභියාචනයට ලැබුණු කාලය අඩුවෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට යෝජිත සංශෝධන පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

ගෙන ආයුතු සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිපතිවරයාගේ සහභාගීත්වයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සභාපතිත්වයෙන් යුතුව මෙම රැස්වීම පැවැත්වූ අතර පසුගිය දෙසැම්බර් 13 වැනිදා පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙසටයි මෙම සාකච්ඡා කිරීම සිදු වී ඇත්තේ.

දෙසැම්බර් 13 වැනිදා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ පැවති රැස්වීමේදී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා දේශිය ආදායම් දෙපාර්තමේන්තු පනතේ සිදු විය යුතු සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

මේ අනුව එදින බදු වාර්තාව, නිලධාරීයා විසින් විගණනය කිරීම සඳහා පවතින පනතේ මාස 30 තිබීම හා ඉන් අනතුරුව කොමසාරිස් ජෙනරාල්වරයාට අභියාචනා කළ පසු තවත් වසර දෙකක කාලයක් අභියාචනය විභාග කිරීම සඳහා කාලය පවතින බවත් නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක කාලය වැඩි බවත් එය මාස හයක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවත් එදින සාකච්ඡා කෙරුණා.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේද සහභාගීත්වයෙන් යුතුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර පනත සඳහා සංශෝධන ලෙස කොමසාරිස් ජෙනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6 තුළ ලබා දිය යුතුය බවටත් එසේම බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ හැකි බවටත් යෝජනා වුණා.

එසේම බදු අභියාචනා කොමිෂන් සභාව මාස හයක් (06) ඇතුළත තීරණය ලබා දිය යුතු අතර බදු අභියාචනා කොමිෂන් සභාවට බලය ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද මුදලේ පවතින ගණනය කිරීම් දෝෂ සහගත නම් ඒ ගැන විභාග කිරීම පමණයි. අනෙකුත් නීතිමය ගැටලුවක් පවතී නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකි ආකාරයටත් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම බදු අභියාචනය සඳහා පැවති වසර 15 පමණ දීර්ඝ කාලසීමාව වසර 3 දක්වා අඩු කිරීමද මෙම සංශෝධනය මගින් අපේක්ෂා කරන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දෙන දී තිබෙනවා. මීට අමතරව විගණන සමාගම් නියාමනය කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වුණා.

තවද බදු අභියාචනා කොමිෂන් සභා පනතට අදාළ සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?