බදු අභියාචනයට ලැබුණු කාලය අඩුවෙයි

දේශීය ආදායම් දෙපාර්තමේන්තු පනතට යෝජිත සංශෝධන පිළිබඳව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

ගෙන ආයුතු සංශෝධන සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිපතිවරයාගේ සහභාගීත්වයෙන් ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ සභාපතිත්වයෙන් යුතුව මෙම රැස්වීම පැවැත්වූ අතර පසුගිය දෙසැම්බර් 13 වැනිදා පැවති සාකච්ඡාවේ දිගුවක් ලෙසටයි මෙම සාකච්ඡා කිරීම සිදු වී ඇත්තේ.

දෙසැම්බර් 13 වැනිදා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ පැවති රැස්වීමේදී රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම උදෙසා දේශිය ආදායම් දෙපාර්තමේන්තු පනතේ සිදු විය යුතු සංශෝධන පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

මේ අනුව එදින බදු වාර්තාව, නිලධාරීයා විසින් විගණනය කිරීම සඳහා පවතින පනතේ මාස 30 තිබීම හා ඉන් අනතුරුව කොමසාරිස් ජෙනරාල්වරයාට අභියාචනා කළ පසු තවත් වසර දෙකක කාලයක් අභියාචනය විභාග කිරීම සඳහා කාලය පවතින බවත් නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මේ අනුව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අභියාචනා විභාග කිරීම සඳහා පවතින වසර දෙකක කාලය වැඩි බවත් එය මාස හයක් දක්වා අඩු කිරීම යෝග්‍ය බවත් එදින සාකච්ඡා කෙරුණා.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේද සහභාගීත්වයෙන් යුතුව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සිදු වූ අතර පනත සඳහා සංශෝධන ලෙස කොමසාරිස් ජෙනරාල් වෙත බදු අභියාචනය ලැබුණු පසු ඔහුගේ නියෝගය මාස 6 තුළ ලබා දිය යුතුය බවටත් එසේම බදුකරු එම තීන්දුව හා එකඟ නොවේ නම් මාසයක් ඇතුළත බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනා කළ හැකි බවටත් යෝජනා වුණා.

එසේම බදු අභියාචනා කොමිෂන් සභාව මාස හයක් (06) ඇතුළත තීරණය ලබා දිය යුතු අතර බදු අභියාචනා කොමිෂන් සභාවට බලය ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කරන ලද මුදලේ පවතින ගණනය කිරීම් දෝෂ සහගත නම් ඒ ගැන විභාග කිරීම පමණයි. අනෙකුත් නීතිමය ගැටලුවක් පවතී නම් ඒ සඳහා අභියාචනාධිකරණයට අභියාචනා කළ හැකි ආකාරයටත් පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙනුත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

එසේම බදු අභියාචනය සඳහා පැවති වසර 15 පමණ දීර්ඝ කාලසීමාව වසර 3 දක්වා අඩු කිරීමද මෙම සංශෝධනය මගින් අපේක්ෂා කරන බව කාරක සභාව විසින් මෙහිදී පෙන්වා දෙන දී තිබෙනවා. මීට අමතරව විගණන සමාගම් නියාමනය කිරීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමු වුණා.

තවද බදු අභියාචනා කොමිෂන් සභා පනතට අදාළ සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56