බද්දෙගම – අම්පෙගම ප්‍රධාන මාර්ගයේ එකේ කණුව ප්‍රදේශයේ දී ලොරි රථයක් සහ යතුරුපැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ (06) රාත්‍රියේ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ 32 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
ලොරි රථය අම්පේගම දෙස සිට බද්දේගම දෙසට ගමන් කරමින් තිබී ඇති අතර, යතුරුපැදි බද්දෙගම දෙස සිට අම්පෙගම දෙසට ගමන් කරමින් තිබියදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලබා සිටි තුවාලකරුවන් බද්දේගම දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්ත්වයේ සිටි ඔවුන් කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
ඔවුන් බද්දේගම සහ අම්පෙගම ප්‍රදේ වල පදිංචිකරුවන් වන අතර, අනතුරට පත් ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බද්දේගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.











