AFC Banner
AFC Banner
Empty Ad

බණ්ඩාරවෙලටත් අලි කරදර (වීඩියෝ)

බණ්ඩාරවෙල පුනාගල වතුයායේ පෙට්ටිගල ප්‍රදේශයේ වෙළඳසලකට අද අලුයම 4ට පමණ වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වන අලියාගේ ප්‍රහාරයෙන් එම වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද විනාශ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අවට ප්‍රදේශයේ තිබූ වගා බිම් විශාල ප්‍රමාණයක් ද මෙම වන අලි විසින් විනාශ කර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අලි අවට රක්ෂිතයේ සිට ගම්වදින අතර වසර 20ක පමණ කාලයක් තිසිසේ වන අලි සිටිය ද මේ වන විට තත්වය දරුණු අතට හැරෙමින් පවතින බවයි.

මෙම වන අලි ගැටලුව හේතුවෙන් මේ වන විට මිනිස් ජීවිත කිහිපයක් ද අහිමි වී දේපළ විශාල ප්‍රමාණයක් විනාශවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

අද අලුයම ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණි වන අලියා මාර්ගය අසල තිබූ වෙළඳසැලකට මෙලෙස පහර දී ඇති අතර ඒ වන විට එහි කිසිවෙකුත් සිට නැහැ.

මෙම තත්වය අදාළ ආයතන වෙත දැනුම් දුන්න ද මෙතෙක් සාර්ථක විසඳුමක් නොමැති බවයි ජනතාව චෝදනා කරන්නේ.

මෙම වන අලි පහරදීම්වලට නිසි විසඳුමක් ලබා‌ දෙන ලෙස අගතියට පත් ජනතාව ඉල්ලා සිටිනවා.

පාසල් 03කට යන දරුවන් මෙම මාර්ගයේ ගමන් කරන බවින් මෙම වන අලි හේතුවෙන් ඔවුන්ගේ ජීවිත ද අවදානම් තත්වයේ පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?