බණ්ඩාරවෙලටත් අලි කරදර (වීඩියෝ)

බණ්ඩාරවෙල පුනාගල වතුයායේ පෙට්ටිගල ප්‍රදේශයේ වෙළඳසලකට අද අලුයම 4ට පමණ වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වන අලියාගේ ප්‍රහාරයෙන් එම වෙළඳසැලට දැඩි අලාභ හානි සිදුව ඇති අතර භාණ්ඩ විශාල ප්‍රමාණයක් ද විනාශ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අවට ප්‍රදේශයේ තිබූ වගා බිම් විශාල ප්‍රමාණයක් ද මෙම වන අලි විසින් විනාශ කර ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙම අලි අවට රක්ෂිතයේ සිට ගම්වදින අතර වසර 20ක පමණ කාලයක් තිසිසේ වන අලි සිටිය ද මේ වන විට තත්වය දරුණු අතට හැරෙමින් පවතින බවයි.

මෙම වන අලි ගැටලුව හේතුවෙන් මේ වන විට මිනිස් ජීවිත කිහිපයක් ද අහිමි වී දේපළ විශාල ප්‍රමාණයක් විනාශවී ඇති බවයි ඔවුන් පවසන්නේ.

අද අලුයම ප්‍රධාන මාර්ගය ඔස්සේ පැමිණි වන අලියා මාර්ගය අසල තිබූ වෙළඳසැලකට මෙලෙස පහර දී ඇති අතර ඒ වන විට එහි කිසිවෙකුත් සිට නැහැ.

මෙම තත්වය අදාළ ආයතන වෙත දැනුම් දුන්න ද මෙතෙක් සාර්ථක විසඳුමක් නොමැති බවයි ජනතාව චෝදනා කරන්නේ.

මෙම වන අලි පහරදීම්වලට නිසි විසඳුමක් ලබා‌ දෙන ලෙස අගතියට පත් ජනතාව ඉල්ලා සිටිනවා.

පාසල් 03කට යන දරුවන් මෙම මාර්ගයේ ගමන් කරන බවින් මෙම වන අලි හේතුවෙන් ඔවුන්ගේ ජීවිත ද අවදානම් තත්වයේ පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14