බඩල්ගම දරුවා මියගිය හේතුව හෙළිවෙයි

දෙමව්පියන් විසින් ප්‍රතිකාර නොකිරීම නිසා බඩල්ගම පොලිස් වසමේ ආඬිමුල්ල ප්‍රදේශයේ, නිවසක කාමරයක් තුළ 10 හැවිරිදි පිරිමි දරුවෙක් පසුගිය 7 වනදා මියගොස් තිබුණි.

පසුව තවත් දින තුනක පමණ කාලයක් මියගිය දරුවාගේ සිරුර නිවසේ තබාගෙන ඊට පණ එතැයි අපේක්ෂාවෙන් මව්පියන් යාච්ඤා කරමින් සිටියදී සිද්ධිය පොලීසියට අනාවරණය විය.

එම දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (12) සිදු කෙරුණු අතර එහිදී දරුවාගේ මරණයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ උණ සහ සෙම වැලදී ඇති දරුවා කොරෝනා ආසාදිතව මරණය සිදුවී ඇති බවය.

දරුවාගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කරනවා වෙනුවට මිත්‍යා විශ්වාසයක සිටිමින් දෙමව්පියන් යාච්ඤා කරමින් සිටියදී දරුවා මියගොස් තිබුණි.

එම ප්‍රදේශය පුරා හමාගිය දුර්ගන්ධය හේතුවෙන් සැක සිතී පොලීසියට ලද පැමිණිල්ලක් මත එම නිවස පරීක්ෂා කිරීමේදී මේ පිළිබඳව අනාවරණය විය.

දෙමව්පියන්ගේ මිථ්‍යා විශ්වාසය නිසා මියගිය දරුවාගේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මව, පියා සහ මිත්තණිය මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (11) ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ, මව ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර පියා සහ මිත්තණිය ඇප මත මුදාහරින ලෙසය.

දරුවාගේ පියා සහ මිත්තණිය රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත මුදාහැරුණි.

මේ අතර දරුවාගේ මව මානසික වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කර වාර්තාව අධිකරණය වෙත යොමු කරන ලෙසද දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා පොලීසිය ට නියෝග කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
තොරණ් සහ වෙළෙඳසැල් කුඩු කරගෙන පලා ගිය වෑන් රථය - තොරණ් දෙකක් සහ වෙළෙඳසැල් දෙකක් විනාශයි
01:00
Video thumbnail
"සැලැස්ම පැහැදිලියිනේ දැන්.. ඔන්න පොලිස් බුද්ධි අංශයේ වැඩ"
00:25
Video thumbnail
මිග් යානා සිද්ධියට ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය FCIDයට එයි
01:12
Video thumbnail
5 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ලොරි - බස් අනතුර.. අනතුරට මුහුණ දුන් මිනිස්සු කිව්ව දේ
01:51
Video thumbnail
"ඔයා මොකක්ද අනේ හැමදාම මස්තබාල්දුව දානවා"
00:15
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04