මනුෂ්‍ය ඝාතනයකට වසර 11 කට පසු බලපිටිය මහාධිකරණයෙන් මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවුරුදු එකොළහකට පසුව විත්තිකරුට බලපිටිය මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමකර තිබෙනවා.

පිටිගල පොලිස් වසමේ මිරිස්වත්ත ප්‍රදේශයේ දී 2015 වසරේ අප්‍රේල් මස 14 දින පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවෙකුට මෙලෙස මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම මීනිමැරුම් නඩුවට අදාළව චෝදනා ලබා සිටි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වින්තුව රාජ් චන්ද්‍ර මෝගන් නමැති විත්තිකරුවෙකුට ඊයේ (10) මෙලෙස මරණිය දණ්ඩනය පනවා තිබෙනවා.

උතුරු පිටිගල සෝම සුන්දරම් ක්‍රිශ්න කුමාර් නමැති පුද්ගලයෙක් විසින් පිටිගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා තිබුණා.

පිටිගල පොලිසියේ විමර්ශන නිලධාරී සැරයන් කාරියවසම් ජයලත්ගේ විසින් මෙම නඩුව මෙහෙය වූ අතර, රජයේ අධිනීතීඥ සෙනුරි ගුණතිලක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12