කොන්දොස්තරට ඇතිවූ රෝගයක් නිසා මඟ නතර කළ බස් රථයේ ලොරියක් ගැටෙයි

මොරටුව සිට යාපනය දක්වා ධාවනය වෙමින් තිබූ ලී රැගත් ලොරියක්, කොළඹ සිට තුනුක්කයි දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක පසුපස ගැටීමෙන් කරුවලගස්වැව ප්‍රදේශයේ දී අද (11) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

මෙම බස් රථයේ කොන්දොස්තරවරයා බස් රථයේ පාපුවරුව ආසන්නයේ රැදී සිට තිබෙනවා.

එහිදී ඔහුට හදිසියේම ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් පාපුරුවෙන් ඇදවැටී ඇති අතර ඒ හේතුවෙන් බස් රථයේ රියදුරු විසින් බස් රථය ධාවනය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ බස් රථය පසුපසින් පැමිණි ලී රැගත් ලොරියක් බස් රථයේ පසුපස ගැටී තිබෙනවා.

අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසියේ, රථවාහන අංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50