සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ තවත් දූෂණ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා.
බන්ධනාගාර නිලධාරින් විසින් මෙම විත්තිකාර හිටපු අමාත්‍යවරයා අද (11) අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණය හිටපු අමාත්‍යවරයාට අදාල නඩුව විභාගය සඳහා දින නියම කළා.













