බංග්ලාදේශ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තවදුරටත් ලෝක කුසලානයේ සුපිරි 08 ගේට්ටුව වසයි

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (13) පැවති තරගය ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

අමෙරිකාවේ කින්ග්ස්ටවුන් හි දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත නායක Scott Edwards පළමු ව පන්දු යැවීම තීරණය කළේ ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ අවස්ථාව ප්‍රතිවාදී බංගලීන්ට පිරිනමමින්.

ඊට සාර්ථක පිළිතුරක් සැපයූ බංග්ලාදේශය සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.

ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 64ක් තම කණ්ඩායම වෙනුවෙන් එක් කළා.

Aryan Dutt සහ Paul van Meekeren එක් ව කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර Tim Pringle හට එක් කඩුල්ලක් හිමි වුණා.

ජයග්‍රහණයට ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත්තේ ලකුණු 134ක් පමණයි.

එහිදී Sybrand Engelbrecht ලකුණු 33ක් ද, Vikramjit Singh ලකුණු 26ක් සහ නායක එඩ්වර්ඩ්ස් ලකුණු 25ක් බැගින් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී Rishad Hossain කඩුලු 03ක්, ටස්කින් අහමඩ් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් Mustafizur Rahman, Tanzim Hasan Sakib සහ Mahmudullah දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 64ක් ලැබූ අල් හසන් දිනා ගත්තා.

මෙම තරග ජයත් සමග D කාණ්ඩයෙන් බංග්ලාදේශය තමන් මුහුණදුන් තරග 03න් දෙකක් ජයග්‍රහණය කරමින් දෙවැනි ස්ථානයට පැමිණියා.

ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායමට යන්තමින් හෝ සුපිරි 08 දෙනා අතරට යෑමට තබා තිබූ නෙදර්ලන්තය ජයග්‍රහණය කරාවි යැයි යන බලාපොරොත්තුව ද බිඳ දමා නියත වශයෙන් ම මෙවර ලෝක කුසලානයෙන් මූලික වටයේ තරගයෙන් ම ඉවත් වීමට සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
18
+1
1
+1
3
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?