බංග්ලාදේශ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට තවදුරටත් ලෝක කුසලානයේ සුපිරි 08 ගේට්ටුව වසයි

පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (13) පැවති තරගය ජය ගන්නට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

අමෙරිකාවේ කින්ග්ස්ටවුන් හි දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත නායක Scott Edwards පළමු ව පන්දු යැවීම තීරණය කළේ ලකුණු පුවරුව නිර්මාණය කිරීමේ අවස්ථාව ප්‍රතිවාදී බංගලීන්ට පිරිනමමින්.

ඊට සාර්ථක පිළිතුරක් සැපයූ බංග්ලාදේශය සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 05ක් දැවී ලකුණු 159ක් ලබාගත්තා.

ශකීබ් අල් හසන් නොදැවී ලකුණු 64ක් තම කණ්ඩායම වෙනුවෙන් එක් කළා.

Aryan Dutt සහ Paul van Meekeren එක් ව කඩුලු 02ක බැගින් බිඳ දැමූ අතර Tim Pringle හට එක් කඩුල්ලක් හිමි වුණා.

ජයග්‍රහණයට ලකුණු 160ක ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලබාගත්තේ ලකුණු 134ක් පමණයි.

එහිදී Sybrand Engelbrecht ලකුණු 33ක් ද, Vikramjit Singh ලකුණු 26ක් සහ නායක එඩ්වර්ඩ්ස් ලකුණු 25ක් බැගින් රැස් කළා.

කඩුලු බිඳ දැමීමේ දී Rishad Hossain කඩුලු 03ක්, ටස්කින් අහමඩ් කඩුලු 02ක් සහ එක් කඩුල්ල බැගින් Mustafizur Rahman, Tanzim Hasan Sakib සහ Mahmudullah දවා ගත්තා.

තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 64ක් ලැබූ අල් හසන් දිනා ගත්තා.

මෙම තරග ජයත් සමග D කාණ්ඩයෙන් බංග්ලාදේශය තමන් මුහුණදුන් තරග 03න් දෙකක් ජයග්‍රහණය කරමින් දෙවැනි ස්ථානයට පැමිණියා.

ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායමට යන්තමින් හෝ සුපිරි 08 දෙනා අතරට යෑමට තබා තිබූ නෙදර්ලන්තය ජයග්‍රහණය කරාවි යැයි යන බලාපොරොත්තුව ද බිඳ දමා නියත වශයෙන් ම මෙවර ලෝක කුසලානයෙන් මූලික වටයේ තරගයෙන් ම ඉවත් වීමට සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32