පෞද්ගලික රෝහලේ වකුගඩු සැත්කම නවතී ද?

බොරැල්ල, “වෙස්ටර්න් රෝහල” විසින් සිදු කරනු ලබන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ එම ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම අතුරු නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බවත් තීන්දුවේ සඳහන්.

අදාළ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවීම නිසා එම රෝහලට පිරිමැසිය නොහැකි පාඩුවක් සහ හානියක් සිදුවී ඇති බවට ඉදිරිපත් වූ කරුණු සහ ලියකියවිලි සලකා බැලීමේදී අධිකරණයට පෙනී යන බවත් විනිසුරු මඩුල්ල පැවසුවා.

ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන බවයි විනිසුරුවරුන් සඳහන් කළේ.

එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා.

අනතුරුව පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ජූනි මස 14 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?