පෞද්ගලික රෝහලේ වකුගඩු සැත්කම නවතී ද?

බොරැල්ල, “වෙස්ටර්න් රෝහල” විසින් සිදු කරනු ලබන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවන ලෙස දන්වා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ එම ලිපිය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෙස්ටර්න් රෝහල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම අතුරු නියෝගය නිකුත් කළේ.

මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් අදාළ අතුරු තහනම් නියෝගය බල පැවැත්වෙන බවත් තීන්දුවේ සඳහන්.

අදාළ රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් තාවකාලිකව අත්හිටුවීම නිසා එම රෝහලට පිරිමැසිය නොහැකි පාඩුවක් සහ හානියක් සිදුවී ඇති බවට ඉදිරිපත් වූ කරුණු සහ ලියකියවිලි සලකා බැලීමේදී අධිකරණයට පෙනී යන බවත් විනිසුරු මඩුල්ල පැවසුවා.

ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන බවයි විනිසුරුවරුන් සඳහන් කළේ.

එබැවින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇති ලිපිය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළා.

අනතුරුව පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම ජූනි මස 14 වනදා දක්වා කල් තැබීමට ද අධිකරණය නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27