පොලිසිය ස්වාධීනනම් ඇයි සංවිධායකවරුන්ගේ ලිපියට ස්ථානාධිපතිවරු පත් කරන්නේ..?

ආසන සංවිධායකවරුන්ගේ ලිපි මගින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම නැවැත්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කර එවීමේ බලය පොලිස්පතිවරයාට පවර මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් එය අනුමත කිරීමට මෙම සතියේ සිට පියවර ගෙන ඇතිබව වාර්තා වනවා.

රජයේ මැති ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම මත ආසන සංවිධායකවරුන් නිර්දේශ කරන නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සිදුවිය.

සංවිධායක ලිපිය මගින් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ යෝජනාවට හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරද විරෝධය පෑම නිසා එය කැබිනට් මණ්ඩල රැස්වීමටද ගිය ගැටලුවක් විය.

අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමග මෙම සතියේ සිට පොලිස්පතිවරයාට බලය දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගත් අතර ඉන් පසුව ගතවූ දින කිහිපයේ නිලධාරීන් තිස්දෙනෙකුට පමණ ස්ථානාධිපති තනතුරු ලැබීඇති බව සඳහන්.

කෙසේ වෙතත් සංවිධායකවරයාගේ කීමට පත්කිරීම් සිදුකිරීම මගින් අදාල සංවිධායකවරයාගේ පදයට නැටීමට සිදුවීම පිළිබඳ පුදුමවිය යුතු නැත.

කුමන නීතිවිරෝධී වැඩ කළත් ඔවුන්ට නීතියෙන් දඩුවම් ලැබෙන්නේ කෙසේද..?

පසුගිය කාලය පුරාම ඇමතිවරුන්ගේ හිතවතුන් ලේකම්වරුන් සිදුකළ නීතිවිරෝධී ක්‍රියා සහ පහරදීම්වලට පොලිසිය නිසි ක්‍රමවේදයන් අනුගමනය කළේය යන්න ගැටලුවක් ඇතිවීම පුදුමයක් නොවන්නේ ඉහත ආකාරයට ස්ථානාධිපතිවරුන් පත්වීම හේතුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?