පොලිසිය ස්වාධීනනම් ඇයි සංවිධායකවරුන්ගේ ලිපියට ස්ථානාධිපතිවරු පත් කරන්නේ..?

ආසන සංවිධායකවරුන්ගේ ලිපි මගින් පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම නැවැත්වීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කර එවීමේ බලය පොලිස්පතිවරයාට පවර මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් එය අනුමත කිරීමට මෙම සතියේ සිට පියවර ගෙන ඇතිබව වාර්තා වනවා.

රජයේ මැති ඇමතිවරුන්ගේ බලවත් ඉල්ලීම මත ආසන සංවිධායකවරුන් නිර්දේශ කරන නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයට සිදුවිය.

සංවිධායක ලිපිය මගින් ස්ථානාධිපතිවරුන් පත්කිරීමේ යෝජනාවට හිටපු මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකරද විරෝධය පෑම නිසා එය කැබිනට් මණ්ඩල රැස්වීමටද ගිය ගැටලුවක් විය.

අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමත් සමග මෙම සතියේ සිට පොලිස්පතිවරයාට බලය දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පියවර ගත් අතර ඉන් පසුව ගතවූ දින කිහිපයේ නිලධාරීන් තිස්දෙනෙකුට පමණ ස්ථානාධිපති තනතුරු ලැබීඇති බව සඳහන්.

කෙසේ වෙතත් සංවිධායකවරයාගේ කීමට පත්කිරීම් සිදුකිරීම මගින් අදාල සංවිධායකවරයාගේ පදයට නැටීමට සිදුවීම පිළිබඳ පුදුමවිය යුතු නැත.

කුමන නීතිවිරෝධී වැඩ කළත් ඔවුන්ට නීතියෙන් දඩුවම් ලැබෙන්නේ කෙසේද..?

පසුගිය කාලය පුරාම ඇමතිවරුන්ගේ හිතවතුන් ලේකම්වරුන් සිදුකළ නීතිවිරෝධී ක්‍රියා සහ පහරදීම්වලට පොලිසිය නිසි ක්‍රමවේදයන් අනුගමනය කළේය යන්න ගැටලුවක් ඇතිවීම පුදුමයක් නොවන්නේ ඉහත ආකාරයට ස්ථානාධිපතිවරුන් පත්වීම හේතුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14