පොලිසිය සහ යුද හමුදාව නීතිඥවරුන් වෙත කණගාටුව පළකරයි

2022 වසරේ අරගලය පැවති සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුලු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට එරෙහිව විරෝධතාවයක නිරත වීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරු වෙත සිය කණගාටුව පළකර සිටියා.

එම විරෝධතාවයට සහභාගි වූ නීතිඥවරු 11 දෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමතී ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කණගාටුව පළ කරන බව සඳහන් කළා.

ඒ, අනුව අදාළ පෙත්සම් සමථයට පත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකඟතාවය පළ කළා.

ඒ, අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

නීතිඥ නලනි කාමලිකා මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරු 11 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

2022 වසරේ ජූලි මස 01 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර ව ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී සාමකාමී විරෝධතාවයක නිරත වීමට තමන් සූදානම් වූ බව පෙත්සම්කරුවෝ පවසනවා.

එම අවස්ථාවේ දී අදාළ ස්ථානයට කඩා වැදුණු පොලිස් සහ හමුදා නිලධාරීන් විරෝධතා පුවරු බලහත්කාරයෙන් ඉවත් කරමින් සාමකාමී උද්ඝෝෂණයට බාධා සිදුකළ බවත් පෙත්සන්කරුවෝ චෝදනා කළා.

මේ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දියක් වග උත්තරකරුවන් ගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?