පොලිසිය සහ යුද හමුදාව නීතිඥවරුන් වෙත කණගාටුව පළකරයි

2022 වසරේ අරගලය පැවති සමයේ ගාල්ලේ පැවති ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරඟාවලිය අතරතුර ගාලු කොටුව ප්‍රදේශයට ඇතුලු වී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ රජයට එරෙහිව විරෝධතාවයක නිරත වීමට සූදානම් වූ නීතිඥවරුන්ට බාධා සිදුකිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ යුද හමුදාව අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එම නීතිඥවරු වෙත සිය කණගාටුව පළකර සිටියා.

එම විරෝධතාවයට සහභාගි වූ නීතිඥවරු 11 දෙනෙකු විසින් ගොනු කළ පෙත්සම් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක ඇමතී ටිරාන් අලස්, යුද හමුදාපතිවරයා, පොලිස්පතිවරයා, ගාල්ල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණා.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුවන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් සිය කණගාටුව පළ කරන බව සඳහන් කළා.

ඒ, අනුව අදාළ පෙත්සම් සමථයට පත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එකඟතාවය පළ කළා.

ඒ, අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

නීතිඥ නලනි කාමලිකා මනතුංග ඇතුළු ගාල්ල ප්‍රදේශයේ පදිංචි නීතිඥවරු 11 දෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

2022 වසරේ ජූලි මස 01 වනදා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති ටෙස්ට් තරගාවලිය අතරතුර ව ගාලු කොටුව ප්‍රදේශයට ඇතුළු වී සාමකාමී විරෝධතාවයක නිරත වීමට තමන් සූදානම් වූ බව පෙත්සම්කරුවෝ පවසනවා.

එම අවස්ථාවේ දී අදාළ ස්ථානයට කඩා වැදුණු පොලිස් සහ හමුදා නිලධාරීන් විරෝධතා පුවරු බලහත්කාරයෙන් ඉවත් කරමින් සාමකාමී උද්ඝෝෂණයට බාධා සිදුකළ බවත් පෙත්සන්කරුවෝ චෝදනා කළා.

මේ තුළින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දියක් වග උත්තරකරුවන් ගෙන් අයකර දෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37