රඹුක්කන ප්‍රදේශයේදී අද (19) පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකයෙක් බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා මේ වනවිට අදාළ ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ඒ සිද්ධියෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් පිළිබඳව සොයා බැලීමට සහ මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු වෙනුවෙනි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරුන් ද කෑගල්ල රෝහලට යවා ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
19




