පොලිසියට හෝ ග්‍රාම නිලධාරිවරයාට දැනුම්නොදී මළසිරුරක් ආදාහනය කිරීමක් ගැන පරීක්ෂණ

නිවසේ දී මියගොස් ඇති කාන්තාවක් සම්බන්ධයෙන් පොලිසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දැනුවත් නොකර අවසන් කටයුතු සිදු කිරීමට සුදානම් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි මෙම විමර්ශනය අරඹා ඇත්තේ.

පොතුහැර -පරබැවිල – බෙලිගොල්ලවත්ත පදිංචි ව සිටි වයස අවුරුදු 80 ක් වන කාන්තාවක් ඉකුත් 13 වෙනිදා රාත්‍රී 10.00 ට පමණ ඇයගේ නිවසේ දී මිය ගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පොලීසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට දැනුවත් කිරීමක් නොකර සිරුර 14 වෙනිදා පොල්ගහවෙල ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම සිරුර 15 වෙනිදා පොල්ගහවෙල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට ද මිය ගොස් ඇති කාන්තාවගේ මිනිබිරියක් බව කියන ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටයුතු කර තිබෙනවා.

මෙම මරණය සැක කටයුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ප්‍රදේශවාසියෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට පණිවිඩයක් ලබා දී ඇති අතර, ඒ අනුවයි මෙම විමර්ශන ඇරඹුනේ.

පොතුහැර පොලීසිය මිය ගොස් ඇති කාන්තාවගේ අවසන් කටයුතු නතර කර මේ වනවිට පුළුල් විමර්ශනයක් මරණය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21