spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසියට හෝ ග්‍රාම නිලධාරිවරයාට දැනුම්නොදී මළසිරුරක් ආදාහනය කිරීමක් ගැන පරීක්ෂණ

නිවසේ දී මියගොස් ඇති කාන්තාවක් සම්බන්ධයෙන් පොලිසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දැනුවත් නොකර අවසන් කටයුතු සිදු කිරීමට සුදානම් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොතුහැර පොලීසිය පවසනවා.

පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුවයි මෙම විමර්ශනය අරඹා ඇත්තේ.

පොතුහැර -පරබැවිල – බෙලිගොල්ලවත්ත පදිංචි ව සිටි වයස අවුරුදු 80 ක් වන කාන්තාවක් ඉකුත් 13 වෙනිදා රාත්‍රී 10.00 ට පමණ ඇයගේ නිවසේ දී මිය ගොස් තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පොලීසියට හෝ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට දැනුවත් කිරීමක් නොකර සිරුර 14 වෙනිදා පොල්ගහවෙල ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම සිරුර 15 වෙනිදා පොල්ගහවෙල ආදාහනාගාරයේදී ආදාහනය කිරීමට ද මිය ගොස් ඇති කාන්තාවගේ මිනිබිරියක් බව කියන ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කටයුතු කර තිබෙනවා.

මෙම මරණය සැක කටයුතු බැවින් ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස ප්‍රදේශවාසියෙකු විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට පණිවිඩයක් ලබා දී ඇති අතර, ඒ අනුවයි මෙම විමර්ශන ඇරඹුනේ.

පොතුහැර පොලීසිය මිය ගොස් ඇති කාන්තාවගේ අවසන් කටයුතු නතර කර මේ වනවිට පුළුල් විමර්ශනයක් මරණය සම්බන්ධයෙන් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?