AFC Banner
Empty Ad

පොලිසියට එරෙහිව ලැබෙන පැමිණිලි ගණන ඉහළට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

පොලිස් නිලධාරීන්ට එරෙහිව ලැබෙනා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඉන් බහුතරයක් වාර්තා වී ඇත්තේ, වධහිංසා කිරීම, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සහ මහජන පැමිණිලිවලට අදාළ ව ක්‍රියාමාර්ග නොගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් බවයි එම කොමිසම පවසන්නේ.

වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සාමාජිකයින් අතර පැවති පැවති සාකච්ඡාවක දී මේ බව අනාවරණය වී තිබෙනවා.

මේ වසර තුළ මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස අවම කිරීම සිය අරමුණ බව වැඩබලන පොලිස්පතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?