AFC Banner
Empty Ad
Empty Ad

පොලිස් විශේෂ කාර්ය බලකා මාර්ග බාධකයක් අසළ රාජකාරියේ නිරතව සිටි නිළධාරින් යට කර පලා යාමට උත්සහා කළ කැබ් රථයකට වෙඩි

යාපනය – පේදුරුතුඩුව ප්‍රදේශයේ මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් විසින් අද උදෑසන සිදුකළ වෙඩි තැබීමකදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමට ඔවුන් උත්සාහ දරා ඇති බවයි.

එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ වෙඩි තැබීමේදී තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා පලාගොස් පේදුරුතුඩුව රෝහලට ඇතුළත් වී තිබෙනවා.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් 23 සහ 26 හැවිරිදි  වියේ පසුවන්නන්. සිද්ධියට අදාළ කැබ් රථය සොයා පරීක්ෂණ සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?